අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරට පත් යෝෂිත රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව තනතුර පිලිබදව සදහන් කලේ තමාට ඒ පිලිබදව පළපුරුද්දක් පවතින බවයි.
“හමුදාවෙන් මාව 2016 දී මෙගේ වැඩ තහනම් වුණා. නඩුවක් නැතුවම මගේ වැඩ තහනමකට ලක්වුණා. ඉතින් ඒ අවදියේ දී මගේ පියාට මම වැඩ කළා. ඉතින් මට ඒ පුහුණුවත් එක්ක, අවුරුදු 4කට පස්සේ මට රස්සාව ලැබුණා. ඉතින් එතුමා හිතුවා මම එතැන සිටිය යුතුයි කියලා. “
එම තනතුර තමාට නිත්‍යානුකුලව ලැබුණු බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.