කඩුවෙල හෝටල් සේවකයෙකුටත් කොරෝනා අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා ගමන් කර තිබෙන බව කියන ස්ථාන කිහිපයක් මේ වන විට වසා දැමීමටත් එම ස්ථානවල පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
කඩුවෙල නගරයේ පෞද්ගලික රසායනාගාරයක සේවකයින් හා මෙන්ම වැලිවිට ප්‍රදේශයේ බෙහෙත් ශාලාවේ නිලධරීන් හා ඔහු ගමන් ගත් බව කියන ත්‍රිරෝද රථ රියැදුරන් දෙදෙනා ද මෙලෙස නිරෝධායනට යොමු කර තිබෙනවා.