පවතින තත්වය හමුවේ ජනතාව පොදු ප්‍රවාහන සේවාව භාවිතා කිරීම අවම වීම හේතුවෙන් දුම්රිය සදහා පවතින මගී ඉල්ලුම අඩු වී තිබෙනවා. මේ හේතුවෙන් නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් නතර කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
මෙලෙස අවලංගු කෙරෙන නගරාන්තර දුම්රියන් වන්නේ පොළොන්නරුව යන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, බෙලිඅත්ත දක්ෂිණ සීඝ්‍රගාමී දුම්රිය, කන්කසන්තුරේ උදේ 5.45ට සහ 11.50ට යන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ මහනුවර යන උදේ සහ සවස යන සීඝ්‍රගාමී දුම්රියන්ය.