News Line| Off Air
Generic placeholder image

Oct
22

කොරෝනා ආසාදිතයෙකු සහභාගී වූ අවමංගල්‍ය උත්සවයකට ගොස් පැමිණි මන්ත්‍රීවරයෙක් නිසා මැතිසබය උණුසුම්

1023 Views


කොරෝනා ආසාදිතයෙකු සහභාගී වූ අවමංගල්‍ය උත්සවයකට ගොස් පැමිණි මන්ත්‍රීවරයෙක් නිසා මැතිසබය උණුසුම්

කොරෝනා ආසාදිතයෙකු පැමිණි බම්බලපිටියේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ මන්ත්‍රීවරයෙක් අද පාර්ලිමේන්තුවට පැමිණීම නිසා සභා ගර්භය තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තා.

මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා කථානායකවරයාට කියා සිටියේ අදාළ මන්ත්‍රීවරයාව පී.සී.ආර්. පරීක්ෂණයක් සදහා යොමු කිරීමට පියවර ගන්නා ලෙසයි.

අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ සියලු දෙනා ස්වයං නිරෝධායනට ලක්කර ඇති බව ද මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

එහිදී කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය අංශවල අවධානය යොමු කිරීමට පියවර ගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post