රාගම පොදු වෙළෙඳපොළ පරිශ්‍රයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ, පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් එක් අයෙකු අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කෙරුණු පසු මියගොස් තිබෙනවා.
එලෙස මියගියේ, කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි අයෙක්.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.