අද පස්වරු 6 සිට කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මේ වනවිට පැවත්වෙන මාධ්‍ය හමුවට එක් වෙමින්.
මේ අතර අද උදෑසන මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා ද නිරෝධායන ඇඳිරි නීතිය පැන වු අතර, එය සඳුදා උදෑසන 5 දක්වා ක්‍රියාත්මකයි.