දැනට කොරෝනා රෝගීන් වාර්තා වන ප්‍රදේශ දෙස සලකා බලා ඉන් වාර්තා වන ප්‍රමාණය සැලකිල්ලට ගෙන අදාල ප්‍රදේශ වලට පමණක් නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට කටයුතු කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ රටක් වශයෙන් ලොක්ඩවුන් වෙන තත්ත්වයක් දැනට නොමැති බවයි. මෙරට කොරෝනා වෙෙරස ව්‍යාප්තිය හේතුවෙන් සියලු පුද්ගලයින් සුරක්ෂිත වි සෞඛ්‍ය උපදෙස් පිලිපැදිය යුතු බවත් හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරනවා.