News Line| Off Air
Generic placeholder image

Oct
22

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ ජනතාවට තොරතුරු දැනගැනීමට දුරකතන අංක කිහිපයක්

1061 Views


ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ ජනතාවට තොරතුරු දැනගැනීමට දුරකතන අංක කිහිපයක්

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ සහ කොළඹ ප්‍රදේශවල ජනතාවට ඇඳිරි නීති බලපත්‍ර, කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම සහ විවාහ මංගල උත්සව ඇතුළු වෙනත් උත්සව පැවැත්වීමේ හැකියාව පිළිබඳ කරුණු විමසීමට දුරකතන අංක කිහිපයක් හදුන්වා දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විමසීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිව් දෙනෙකු ද අනුයුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඒ අනුව කැලණිය පොලිස් කොට්ඨාසය සඳහා 071 8 591 605, ගම්පහ පොලිස් කොට්ඨාසය සඳහා 071 8 591 610, මීගමුව පොලිස් කොට්ඨාසය සඳහා 071 8 591 632 සහ කොළඹ උතුර පොලිස් කොට්ඨාසය සඳහා 071 8 591 574 යන අංක එලෙස හදුන්වා දී තිබෙනවා.

ඉහත අංක අමතා අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයා සම්බන්ධ කර ගැනීමෙන් අවශ්‍ය තොරතුරු විමසිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post