News Line| Off Air
Generic placeholder image

Oct
22

ගෝලීය කොරෝනා රෝගීන් හාර කෝටි දහහතර ලක්ෂය පනියි

659 Views


ගෝලීය කොරෝනා රෝගීන් හාර කෝටි දහහතර ලක්ෂය පනියි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන හාර කෝටි දහ හතර ලක්ෂ අසු හතර දහස් හයසිය තිස් දෙකක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,136,335 ක් ලෙසයි.

එමෙන්ම ගත වූ පැය 24 තුළ වැඩිම මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වුණා.

දෛනික මරණ 1225 ක් සමගින් එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 227,409 ක් ලෙසයි.

දෛනික ආසාදිතයින් 63,663 ක් සමඟ එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 8,584,819 ක් ලෙස සටහන් වුණා.

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,705,158 වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 116,653 ලෙස වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post