ඊයේ දිනයේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ජන්දය ලබා දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින පක්ෂ වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන පක්ෂ සමගි ජන බලවේග සන්ධානයෙන් නෙරපා හරින ලෙස සමගි ජන බලවේගයේ සාමාජිකයින් එහි නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වෙනවා.
සන්ධානගත පක්ෂයේ මතයට විරුද්ධව ඊයේ සිය විරෝධය පල කරමින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව සිය මන්ත්‍රීවරුන් උපක්‍රම ශිලිව ජන්දය ලබා දීමට සැලැස්වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට විරුද්ධව චෝදනා එල්ල වී තිබෙනවා.
මේ සදහා වන තීරණයක් ගැනීමට සියලු පක්ෂ සාමාජිකයින් අද රැස්වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.