News Line| Off Air
Generic placeholder image

Oct
23

20ට සහය දැක්වූ නිසා අරවින්ද් කුමාර් පක්ෂයෙන් නෙරපයි

527 Views


20ට සහය දැක්වූ නිසා අරවින්ද් කුමාර් පක්ෂයෙන් නෙරපයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට දෙමළ ප්‍රගතිශීලි සන්ධාන නායකත්වය තීරණය කර තිබෙනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේ, විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා ඊයේ පැවැති ඡන්ද විමසීමේදී අරවින්ද් කුමාර් මන්ත්‍රීවරයා ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඉදිරියේදී දේශපාලන මණ්ඩලය රැස්කර අරවින්ද් කුමාර් මහතාව පක්ෂයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ද මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම අරවින්ද් කුමාර් මහතා නියෝජනය කරන කදුරට ජනතා පෙරමුණට ද ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කටයුතු කරන ලෙසට දන්වන බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post