News Line| Off Air
Generic placeholder image

Oct
23

මාළු උයනකොට මුණ ඇල්ලීමෙන් වළකින්න

3233 Views


මාළු උයනකොට මුණ ඇල්ලීමෙන් වළකින්න

පෑලියගොඩ මාළු වෙළෙඳපොළ තොග වශයෙන් මාළු බෙදාහරින ස්ථානයක්වීම හේතු කොටගෙන දිවයින පුරා මාළු වෙළෙද සැල් වල එම මාළු විකිණීම දක්නට ලැබෙනවා.

මේ වන විට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මාළු පාරිභෝජනය පිලිබදව ජනතාව අනිසි බියක් ඇති කර ගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරනවා.

කෙසේ වෙතත් මාළු පිසීමේදී පිරිසිදු කරන විට මුහුණ ඇල්ලීමෙන් වළකිනවානම් ඉතා සුදුසු බවත් එමෙන්ම දෑත් හොදින් සබන් දමා සෝදා ගැනීමට වග බලා ගත යුතු බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post