අද උදැසන කොස්ගම රෝහලෙන් පැන ගිය 26 හැවිරිදි කොරෝනා අසදිතයා අද දහවල් බොරැල්ලේ සහස්පුර නිවාස සංකීර්ණයේ නිවාසයක සිටියදී පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.
මෙම පුද්ගලයා ආ ගිය තැන් පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර ඒ අනුව රෝහලෙන් පිට වී කොළඹ අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ දුර ගමන් බසයක නැගී ඔහු ඔරුගොඩවත්ත බලා පැමිණ තිබෙන බවත් ඉන් පසුව පා ගමනින් සිය නිවෙස පිහිටි සේදවත්තට පැමිණ ඇති අතර පාපැදියකින් බොරැල්ල සහස් පුරයට පැමිණ තිබෙන බවයි කරුණු පවසා ඇත්තේ.