News Line| Off Air
Generic placeholder image

Oct
23

එල්.පී.එල් තරඟයේ නිල කාලසටහන නිකුත් වෙයි

596 Views


එල්.පී.එල් තරඟයේ නිල කාලසටහන නිකුත් වෙයි

එල්.පී.එල්. ක්‍රිකට් තරඟාවලියේ නිල කාලසටහන නිකුත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, ඒ අනුව එළඹෙන නොවැම්බර් මස 21 වැනිදා තරඟාවලිය ආරම්භ වන අතර අවසන් මහ තරඟය දෙසැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.

නොවැම්බර් 21 වැනිදා සවස 3ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී එල්.පී.එල්. තරඟාවලියේ සමාරම්භය සනිටුහන් වන අතර එදිනම රාත්‍රී 7.30ට පළමු තරඟය Colombo Kings කණ්ඩායම සහ Gold Gladiaters කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නොවැම්බර් 28 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයෙදී තරඟ 11 ක් පැවැත්වෙනවා.

අවසන් මහා තරඟය ද ඇතුළුව තරඟ 12 ක් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයෙදී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එල්.පී.එල්. තරඟාවලියේ මුලික වටයේ තරඟ දෙසැම්බර් 9 වැනිදා අවසන් වන අතර දෙසැම්බර් 10 සහ 11 යන දෙදින තුළ අවසන් පුර්ව තරඟ පැවැත්වෙනු ඇති.

නිල කාලසටහනට අනුව අවසන් මහා තරඟය දෙසැම්බර් 13 වැනිදා පැවැත්වෙන අතර එදින පැවැත්වීමට නොහැකි වුවහොත් අතිරේක දිනයක් ලෙස දෙසැම්බර් 14 වැනිදා අවසන් මහා තරඟය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post