News Line| Off Air
Generic placeholder image

Oct
23

ඇඳිරි නීතිය ගැන තීරණය වන්නේ අද ලැබෙන PCR ප්‍රථිපල මත බවට යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

1320 Views


ඇඳිරි නීතිය ගැන තීරණය වන්නේ අද ලැබෙන PCR ප්‍රථිපල මත බවට යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන කොරෝනා මර්ධන කමිටුවේදී ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව ඉදිරි තීරණ ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

ඒ අනුව අද ලැබීමට නියමිත පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ PCR වාර්තා සැලකිල්ලට ගෙන මේ පිලිබදව තීරණයකට ඒමට නියමිත බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.

එමෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට අදාලව යම් අයෙක් සිටිනම් එවැනි අය නියත වශයෙන්ම pcr වාර්තා ලබා ගන්නා ලෙස සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post