News Line| Off Air
Generic placeholder image

Oct
23

මාළු පරිභෝජනය සුදුසු ද? වෙෙද්‍ය සුදත් සමරවීර කියූ දේ

429 Views


මාළු පරිභෝජනය සුදුසු ද? වෙෙද්‍ය සුදත් සමරවීර කියූ දේ

මාළු පාරිභෝජනයෙන් වැළකී සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙෙද්‍යවරයා මේ අදහස් පළ කළා.

“කොවිඩ් 19 වෛරසය නොයෙක් පෘෂ්ඨයන් තුළ එක්තරා කාලයක් පවතින්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ පිළිබඳව තොරතුරු හොයාගෙන තිබෙනවා. වූහාන් ප්‍රාන්තයේ ආරම්භයේදී මේ රෝගය ව්‍යාප්ත වුණේ මාළු වෙළඳසැලක් ආශ්‍රිතව. ඒ නිසා අපි තවමත් නිශ්චිතව කියන්න දන්නේ නෑ මාළුන්ගේ පෘෂ්ඨයේ මේ වෛරසය තැවරිලා තිබෙනවානම් ආසාදිතයෙකුගෙන් එය කොයිතරම් දුරකට ව්‍යාප්තවීමට බලපානවද කියලා..”

මාළු පිරිසිදු කිරීමෙන් පසු මුහුණ, නාසය හෝ මුව ස්පර්ශ නොකර, ප්‍රථමයෙන් හොදින් දෑත් පිරිසිදු කරගන්නේ නම් වෙෙරසය තවත් අයෙන් වෙත පැතිරීම වළක්වා ගත හැකි බව වෙෙද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

“නමුත් ඒ නිසා මාළු අනුභවයෙන් වැළකී සිටීමේ කිසිම අවශ්‍යතාවක් නෑ. යම්කිසි විදිහකින් මාළු පිරිසිදු කිරීමක්, අතපත ගෑමක් ස්පර්ශ කිරීමක් සිදුවෙනනවා නම් ඉන් පසුව අත හොඳට හොදනවානම්, මුහුණ ඇල්ලීමෙන් වළකිනවානම් අපිට පුළුවන් මාළුන්ගේ පෘෂ්ඨය මත කොවිඩ් වෛරසය රැදී තිබෙනවානම් එය තවත් අයෙකුට පැතිරීම වළක්වා ගැනීමට..”


News Articles
Latest Videos
Most Popular Post