ත්‍රස්තවාදී ප්‍රහාරයක අවදානමක් ගැන කාබුල් ගුවන්තොටුපොළ වෙත අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඒ අවදානම හේතුවෙන් කාබුල් ගුවන්තොටුපොළ අසළ රැඳීනොසිට වහාම ඉවත්ව යන්නැයි අමෙරිකාව සහ එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට දැනුම්දී ඇති බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් තවමත් දස දහස් ගණනක් ජනතාව ගුවන්තොටුපොළ අසළ රැදී සිටින බවට වාර්තා වෙනවා.