News Line| Off Air
Generic placeholder image

Aug
29

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

562 Views


දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි  තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩිතරමක තද වැසි ද ඇතිවිය හැක.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවේ.

ඌව පළාතේත්අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස 2.00 න්පමණ පසු ස්ථාන ස්වල්පයකවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහදකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.

(ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.)

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (29) දහවල් 12.11වෙල්ලන්කුලම්, මුරික්කන්ඩි සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී


News Articles
Latest Videos
Most Popular Post