News Line| Off Air
Generic placeholder image

Sep
5

දෙවැනි එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට

648 Views


දෙවැනි එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 67කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක කේෂව් මහරාජ් පළමුව පන්දුවට පහරදීමට තීරණය කර අතර ඒ අනුව, දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 47 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 283ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව තරඟය ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දු ඕවර 41ක් තුළ ලකුණු 265ක් ලබා ගත යුතුව තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩාමට රැස්කළ හැකි වුයේ ලකුණු 197ක් පමණි.


News Articles
Latest Videos
Most Popular Post