News Line| Off Air
Generic placeholder image

Sep
8

පැරාලිම්පික් ජය කෙළි නැංවූ ක්‍රීඩකයෝ අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

613 Views


පැරාලිම්පික් ජය කෙළි නැංවූ ක්‍රීඩකයෝ අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අද (08) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූණා.
පැරාලිම්පික් තරගබිමේ නව වාර්තා තබමින් ඔබ ලැබූ ජයග්‍රහණයන් ශ්‍රී ලංකා අභිමානය ජාත්‍යන්තරය තුළ ගෞරවාදරයට ලක් කිරීමක් බව අග්‍රාමාත්‍යතුමා මෙම සුහඳ හමුවේ දී ක්‍රීඩකයන්ට සුබ පැතුම් එක් කරමින් ප්‍රකාශ කළේය.

ඉතිහාසය අලුතින් ලියා තැබූ මෙම ජයග්‍රහණයට මග පෙන්වූ පුහුණුකරුවන් නිලධාරින් ඇතුළු සියලු දෙනාට සිය ප්‍රණාමය පුද කරන බව සඳහන් කළ අග්‍රාමාත්‍යතුමා, ක්‍රීඩා ජයග්‍රහණ හිමිකර දෙමින් රටට අභිමානයක් එක් කිරීමට කැපවන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට රජය පියවර ගන්නා බව අවධාරණය කළේය.


News Articles
Latest Videos
Most Popular Post