News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

වයස අවුරුදු 12-18 අතර ළමුන් සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය

596 Views


වයස අවුරුදු 12-18 අතර ළමුන් සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය

වයස අවුරුදු 12-18 අතර ළමුන් සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට පසුගිය දා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කොවිඩ් ව්‍යසනය හේතුවෙන් වසර එක හමාරක පමණ කාලයක් ‍විටින් විට පාසල් වසා දැමීමට සිදුව තිබෙන බවත් එමනිසා හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරීමට ළමුන් සඳහා වන එන්නත්කරණය ආරම්භ කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් දරුවන්ගේ එන්නත්කරණය පිළිබඳව මේ වන විට නිර්ණායක කිහිපයක් හඳුන්වා දී තිබේ.
ළමුන් සඳහා එන්නත් ලබා දීම ආරම්භ කිරීමත් සමඟ 7 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දරුවන්ට එන්නත්කරණය සිදු කළ හැකිය.
මේ වන විට ගුරුවරුන් ඇතුළු අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බැවින් පාසල් ළමුන්ගේ එන්නත්කරණය අවසන් කිරීමත් සමඟ පාසල් යළි විවෘත කිරීමට හැකිවනු ඇති බවට අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post