News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
23

ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි

786 Views


ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි

ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදට යෙදී තිබෙනවා.

ශ්‍රවණය අහිමි පුද්ගලයන් සහ සංඥා භාෂා භාවිතා කරන්නන්ගේ භාෂාමය අනන්‍යතාව ලෝක මට්ටමෙන් පිළිගැනීමට ලක් කළ අන්තර්ජාතික සංඥා භාෂා දිනය අදට යෙදී තිබෙනවා.

මිනිසාගේ සියලු කාර්යයන් ඉටුකර ගැනීමට ශ්‍රවණය සහ භාෂා අවබෝධය අවශ්‍ය වේ. එහෙත් අප සමාජයේ සිටින උපතින්ම ශබ්ද නෑසෙන ශ්‍රවණ ආබාධිත සියලු දෙනාට අනෙකුත් ජනතාව මෙන්ම ලෝකය ග්‍රහණය කර ගැනීමට අප ඉඩ සලසා දිය යුතුය.
අදාළ අවශ්‍යතාව වෙනුවෙන් බිහිවුණු සංඥා භාෂාව මේ වනවිට ස්වභාවික සංඥා භාෂාව දක්වා දියුණු මට්ටමට පැමිණ තිබේ. මෙරට සියලුම ජනවර්ග වෙනුවෙන් නිර්මාණය වූ “ශ්‍රී ලංකා සංඥා භාෂාව” ද කාලානුරූපී වෙනස්කම් සහිතව සංවර්ධනය වෙමින් පොදුවේ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සෙත සළසමින් ඇති බව මාගේ විශ්වාසයයි.

ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට වෙනසකින් තොරව සාමාන්‍ය සමාජය හා එක්ව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය රජයක් ලෙස නිරන්තරයෙන් ලබා දෙන බව අද වැනි සුවිශේෂී දිනක සිහිපත් කරමි.

සංඥා භාෂාවේ දියුණුව වෙනුවෙන් අදාළ ආයතනවල පහසුකම් වැඩිදියුණු කිරීමට රජය උපදෙස් ලබා දී ඇති අතර හැකි සෑම විටම අනෙකුත් භාෂාවන්ට මෙන් සංඥා භාෂාවට ද ප්‍රමුඛත්වය දෙමින් අපගේම සහෝදර ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නැයි වගකිවයුතු සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

ශ්‍රී ලංකාව ඇතුළු ලොවපුරා ජීවත් වන මිලියන 70 කට අධික ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට හඬක් වන සංඥා භාෂාව දිනෙන් දින දියුණු වී සමාජයේ සම තැන්හිලා කටයුතු කිරීමට ඔබ සැමට අවස්ථාව උදාවේවා! යැයි ප්‍රාර්ථනා කරමි.


News Articles
Latest Videos
Most Popular Post