News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
24

බන්ධනාගාර ගත රැදවියන් අ.පො.ස. (සා.පෙළ) විභාගය ඉහලින් සමත්

618 Views


බන්ධනාගාර ගත රැදවියන් අ.පො.ස. (සා.පෙළ) විභාගය ඉහලින් සමත්

විවිධ චෝදනාවන් ලබා බන්ධනාගාර ගත වන රැදවියන් පුනරුත්ථාපනය කර ඔවුන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරිම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්ය අතුරින් ප්‍රධාන අංගයක් වේ.

ඒ් අනුව බන්ධනාගාර ගතවන රැදවියන් විවිධ වු හැකියාවන් පිළිබද සොයා බලා ඔවුන්ගේ එම හැකියාවන් ඔප් නංවමින් විවිධ වු වෘත්තිය පුහුණු, ආගමික, අධ්‍යාපනික හා සමාජීය වශයෙන් විවිධ කටයුතු ඉටුකරමින් රැදවියන් යහපත් ලෙස සමාජගත කිරිම සිදු කරනු ලබයි.

බන්ධනාගාරයේ සම්පත් යොදා ගනිමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුර්ණ මැදැහත්වීම මත ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී සෑම වර්ෂයකම බන්ධනාගාරගත වන රැදවියන් අතුරින් පුනරුත්ථාපන සංකල්පය මත හැකියාවන් සහිත රැදවියන් ප්‍රමාණයක් විවිධ වු උසස් අධ්‍යාපන කටයුතු සදහා යොමු කරමින් බන්ධනාගාරය තුළ අදාළ විභාගයට අදාලව සෑම වසරකම විභාග මධ්‍යස්ථානයක් පිහිටවනු ලබයි. මීට පෙර අවස්ථාවල බන්ධනාගාරගත රැදවියන් පශ්චාත් උපාධිය හදාරා පශ්චාත් උපාධිය සමත් වී ඇත. 2020 වර්ෂයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව රටේ පවතින කොවිඩ් තත්වය හමුවේ වුවද, මෙවැනි වු යහපත් පුනරුත්ථාපන සංකල්පය මග නොහැර නේවාසික අභිවෘද්ධිය හා ඔවුන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනිමේ අරමුණ හා යහපත් සමාජයක් ගොඩනන්වාලිමේ අරමුණ පෙරදැරි කරගෙන යම් සමාජ මෙහෙවරක් සිදු කරනු ලබයි.

ඒ අනුව 2020 වර්ෂයේ ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද අ.පො.ස.(සා.පෙළ) විභාගයේ විභාග මධ්‍යස්ථානයක් කොළඹ මැගසින් බන්ධනාගාරයේ හා වටරැක එළිමහන් සිර කදවුරේ සුනීත පාසලේ පැවති අතර, එහිදී වටරැක හා මැගසින් බන්ධනාගාර වල රැදවින් 04 දෙනෙකු විභාගය සදහා පෙනී සිටිමින් මැගසින් බන්ධනාගාරයේ රදවා සිටි L.T.T.E රැදවියෙකු හා තවත් සැකකරුවෙකු උසස් අයුරින් විභාගය සමත් වී ඇත.


News Articles
Latest Videos
Most Popular Post