News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
22

ඇෆ්ලටොක්සීන් අධිකව ශරීර ගතවීමෙන් සිදුවන්නේ කුමක්ද?

869 Views


ඇෆ්ලටොක්සීන් අධිකව ශරීර ගතවීමෙන් සිදුවන්නේ කුමක්ද?

දිවයින පුරා බෙදා හැර ඇති ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් අඩංගු වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පසුගිය දිනෙක අනාවරණය කළා. ඒ අනුව ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි රජයේ වෛද්‍ය සංගමය හා පවුල් සෞඛ්‍ය සේවා සංගමය ද ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ඊයේ දින පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළා. ඇත්තෙන්ම අප ගන්නා ආහාරයක හෝ ආහාරයට ගන්නා ද්‍රව්‍යවල ඇෆ්ලටොක්සින් තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි උනොත් කුමක් වේවිද? මේ පිළිබඳව අප ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායක ආචාර්ය සංජය පෙරේරාගෙන් විමසීමක් සිදු කළා.

එහිදී ඔහු ප්‍ර කළේ ඇෆ්ලටොක්සින් ත්‍රිපෝෂවල තිබිය හැක්කේ එය නිෂ්පාදනය නිසා නොවේ. එයට භාවිත කරන ධාන්‍ය නිසයි. ඒ නිසාම ඊට භාවිත කරන දේශීය හෝ ආනයනික ධාන්‍ය නැවත පරීක්ෂා කළ යුතුයි. මේ නිසාම ත්‍රිපෝෂ නිෂ්පාදනයේදී මේ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීමට පියවර ගත යුතු බවයි ආචාර්ය සංජය පෙරේරා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post