සුපුන් පෙරේරා කියන්නේ නව පරපුරේ අති දක්ෂ ගායකයෙක්. ඔහු නාදගම ප්‍රසංග මාලාව නිසා ඔහු තවත් ප්‍රේක්ෂකයාට සමීප වුනා. කෙසේ වුනත් සුපුන් පසුගිය දිනක රෝහල් ගත වී තිබුණා. ඒ ඔහුගේ ශල්‍යකර්මයක් නිසා. මේ වන විට එම ශල්‍යකර්මය අවසන් වී ඇති නමුත් සුපුන්ට ටික කාලයක් විවේකීව සිටින්නට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා.
ඒ පිළිබදව සුපුන් ඔහුගේ ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබුණා.එම සටහන පහතින්,
“බාරගත්ත වැඩ නිසා මාසයක් විතර කල්දාන්න වුන surgery එක ඊයේ හවස කරගන්න පුලුවන් වුනා. ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ අත්දැකීමට මුහුණ දුන්නේ. ඒක සාර්ථකව කරලා දුන්න ජයවර්ධනපුර රෝහලේ ශල්‍ය වෛද්‍ය ජගත් මල්ලව සහ මේ හැමදෙයක්ම මං වෙනුවෙන් Arrange කරලා දුන්න මිත්‍රයා Dr.රුචිර ධනන්ජය ටත් මම විශේෂයෙන් ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා
. ඒ වගේම මගෙ පවුලේ අයටත්,මගෙ යාලු හිතමිත්‍රාදීන්ටත්, රොහල් කාර්‍යමණ්ඩලයටත් නාදගම පවුලටත් හැමදාම වගේ මගෙ ලඟින් ඉන්නවට ස්තූතියි. සතියක් හමාරක් Rest කරන්න වෙයි. ඒ නිසා ඉතාම ඉක්මනින් ඔයාල අතරට එන්න පුලුවන් ආයෙමත් අලුත් නිර්මාණ සහ Concerts එක්ක ! ආදරෙයි
“


