News Line| Off Air
Generic placeholder image

Nov
3

පුෂ්පිකාගේ ආදරණීය පුතුගේ උපන්දින සැමරුම

336 Views


පුෂ්පිකාගේ ආදරණීය පුතුගේ උපන්දින සැමරුම

ජනප්‍රිය නිරූපිකාවක් වන පුෂ්පිකා ද සිල්වාගේ ආදරණීය පුතු පසුගිය දා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ ආදරණීය සටහනක් තබන්නටත් අමතක කලේ නෑ.

මේ පුතුගේ උපන්දින සාදය පැවැත්වූ අයුරු සහ ඈ තැබූ සටහනයි,

මගේ ආදරණීය පුතුකි,
මගේ හිත කියන්නේම ඔබ මේ ලෝකයට ඇවිත් තාම සතියක් දෙකක් පමණක් බවයි. ඔබ උපන් මොහොත මගේ මතකයේ තවමත් ඒ තරම් අලුත් ය. එහෙත් දැන් ඔබ දුව පැන ඇවිදින හොඳ නරක වැටහෙන කීකරු හුරතල් ආදරණීය දරුවෙක් වී සිටී. ඉතින් කාලය කොතරම් ඉක්මනට ගෙවෙනවා ද..? ඔබ දෙස බලන හැම විටම මම මගෙන්ම අසන්නේ එයයි.
මගේ රත්තරන් පුතේ,
ගුණයෙන් නුවණින් දැනුමෙන් පොහොසත් දරුවකු වී දවසින් දවස නිදුක් නිරෝගී ව හොඳින් වැඩෙන්න.! රටට දැයට ආගමට බරක් නැති ණයක් නැති හොඳ පුරවැසියකු වෙන්න.! ජීවිතේ ඇවිද යන හැම පියවරක දී ම මම ඔබ මගේ දෑස මෙන් සුරකිමි. මගේ හුස්ම මෙන් රකිමි. මගේ ජීවිතයේ එකම සතුට, එකම අපේක්ෂාව, එකම බලාපොරොත්තුව, එකම ප්‍රාර්ථනාව ඔබ ය.

ආදරණීය අම්මා


News Articles
Latest Videos
Most Popular Post