News Line| Off Air
Generic placeholder image

Nov
20

හේමාල් HANNIF යයි

415 Views


හේමාල් HANNIF යයි

හේමාල් රණසිංහ කියන්නේ ලංකාවේ සිනමාවේ ප්‍රේමවන්තයායි. හේමාල් රංගනයෙන් දායක වුණු සිනමාපට අතිශය ජනප්‍රිය වු අතර ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමටත් සමත් වුණා. කෙසේ නමුත් ඔහුගේ රංගන දායකත්වය ලැබුණු චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට තිබෙනවා. එවැනි ලංකාවේ තිරගත නොවුනු චිත්‍රපටයක් තමයි මරියා කියන්නේ. මරියා චිත්‍රපටය පසුගියදා HANNIF ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට තේරී පත් වුණා.ඉතින් මෙම චිත්‍රපට උළෙලට හේමාල්, චිත්‍රපටයේ අධ්‍යක්ෂක අරුණ ජයවර්ධන අතුළු ශිල්පීන් කිහිපදෙනෙකු එක්වී තිබුණා.

මාරියා චිත්‍රපටයේ සමස්ත නළුවන් සදහාම “හොදම නළුවා” සම්මානය දිනා ගැනීමට හේමාල් ඇතුළු කණ්ඩායම සමත් වෙලා තියෙනවා. එහි ඡායාරූප ඔහු සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. ඒ වෙනුවෙන් සටහනක් තබන්නටත් ඔහු අමතක කලේ නෑ.

“HANNIF VI” වෙත මාගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමි.
මාරියා චිත්‍රපටයේ සමස්ත නළුවන් සදහාම “හොදම නළුවා” සම්මානය ලැබීම, මා ජීවිතයේ ලද විරල ජයග්‍රහණයක් ලෙස ඉතාමත් ගෞරවයෙන් සලකමි.
මහ මුහුද මැද රූගත කෙරුණු මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයට තම දිවිපරදුවට තබා අවදානමක් ගත් කැමරාව ඉදිරිපස සහ පසුපස සිටි සියල්ලන්ගේම සාමූහික කැපවීම එයින් ප්‍රත්‍යක්ෂ වේ යැයි සිතමි.
මේ ගමනේ නියමුවා අරුණ ජයවර්ධන මෙවැනි ජාත්‍යන්තර වේදිකාවක සම්මානයක් ගනු දැකීම අප කණ්ඩායමේ ඒකායන බලාපොරොත්තුව ඉෂ්ට වීමකි.
දර්ශන්, මේ සම්මානය දකින හැම මොහොතකම ඔබ සහ ඔබේ හීන මට මතක් වෙනවා. මම විශ්වාස කරනව ඔබ මේ මොහොතේ අපිත් එක්ක ඉන්නවා කියලා.
සිනමාවක් නැති ලෝකය අජීවී ලෝකයක්. මේ සම්මානය මේ මොහොතේ ජීවන අරගලය වෙනුවෙන් ආයාසයෙන් සටන් කරන අපේ රටේ ජනතාව වෙනුවෙන් අපි පුදකරන්නෙමු. එයින් ඔවුනට සතුටක් එක් කරන්න හැකි නම්…. අප විශ්වාස කරන කලාවේ ඒකායන අරමුණත් එයම පමණකි.


News Articles
Latest Videos
Most Popular Post