News Line| Off Air
Generic placeholder image

Nov
25

මට ඕනේ ජීවිතේ දැන් ඉන්න ලෙවල් එකෙන් ටිකක් හරි උඩට අරන් යන්න පුලුවන් කෙනෙක්

500 Views


මට ඕනේ ජීවිතේ දැන් ඉන්න ලෙවල් එකෙන් ටිකක් හරි උඩට අරන් යන්න පුලුවන් කෙනෙක්

දිනිති – සංගීත් කියන්නේ මේ දවස්වල ඉතා ජනප්‍රිය දෙදෙනෙක්. ඒ සමාජ මාධ්‍ය තුළ ඔවුන් නිරන්තරයෙන් කතා මවන නිසයි. මේ දෙන්නගේ ආදර කතාව ප්‍රසිද්ධ රහසක්. සංගීත් සහ දිනිති ප්‍රේක්ෂකයින්ට වඩාත් සමීප වෙන්නේ ඔවුන්ගේ යූටියුබ් නාලිකාව හරහායි. පසුගිය දිනක දිනිති ඉන්ටර්විව් එකකදී කියූවක් පදනම් කර ගනිමින් ලැබෙන ප්‍රතිචාර ගැන මෙලෙස අදහස් දැක්වූවා.ඒ සංගීත් ව්ලොග් යූටියුබ් නාලිකාව හරහායි.

“මම පහුගිය කාලේ ඉන්ටර්විව් එකකදි කිව්වා මම කිසිම කෙනෙක්ගෙන් ඩිපෙන්ඩ් වෙන්න කැමති නෑ කියලා. අදටත් මම ඒ මතේ ඉන්නවා. හැබැයි ගොඩාක් අය ඒක වැරදියට තේරුම් අරගෙන තිබ්බා. ඒකෙන් මම කියලා නෑ මට කොල්ලො එපා, මම කසාද බදින්නේ නෑ කියලා.එතනදී මම කිව්වේ මගේ තාත්තා වගේ මට ආදරේ කරන කෙනෙක් හම්බෙනකන් මම කසාද බදින්නේ නෑ , එතකන් මට තනියම ඉන්න පුලුවන් කියලා. මට කොල්ලෙක් ඕන මගේ තනියට කතා කර කර ඉන්න නෙමෙයි, කනකොට එහා පැත්තේ වාඩි කරලා තියා ගන්න නෙමෙයි. මට ඕන මගේ ජීවිතේ දැන් ඉන්න ලෙවල් එකෙන් ටිකක් හරි උඩට අරන් යන්න පුලුවන් කෙනෙක්”


News Articles
Latest Videos
Most Popular Post