News Line| Off Air| Games
Generic placeholder image

Dec
9

දෙව්නක පෙම්වතිය හසිනි ගැන කියන කතාව

302 Views


දෙව්නක පෙම්වතිය හසිනි ගැන කියන කතාව

දෙව්නක පෝරගේ කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. කෙටි කළකින් ප්‍රේක්ෂකයන් වෙග පැමිණි මොහුගේ ආදරවන්තිය හසිනි වෑදණ්ඩ.

පසුගියදා දෙව්නක සහභාගී වූ පුවත්පත් සාකච්ඡාවකට තම පෙම්වතිය වන හසිනි පිළිබදව සදහන් කරන්නට අමතක කලේ නෑ

එය පහතින්,

දෙව්නක ඇයි හසිනිව තෝරගත්තේ?

ඒක වුනේ කොහොමද කියන්න මම හරියටම දන්නේ නෑ. ඒක හදවතේ තියන දෙයක්. මම ආදරේ ගොඩාක් හෙව්ව කෙනෙක්. ඒ වගේම මම කවදාහරි මගේ බිරිද වෙන්න ඕන කෙනාට කියෙන්න ඕන ගුණාංග ගැන හිතුවා. අපේ අම්මලා, තාත්තලාට ගරු කරන, මම වලේම එයාලට සමීප කෙනෙක් තමයි මට ඕන වුණේ. හසිනි හමු වුනාට පස්සේ මගේ ඒ හීනය සැබෑ වුණා.

දෙව්නක දෙන්නා යාළු වුනාට පස්සේ මොකද වුණේ,

ඒක ඇත්තටම සුන්දර අවස්ථාවක්. මොකද මේ දේවල් වලදී අපේ අම්මා හරිම සූක්ෂම විදිහට බලන කෙනෙක්. ඒ නිසා අපේ සම්බන්ධය අම්මට කිව්වේ හරිම බයෙන්. අම්මට කියන්න කලින් මේ ගැන අපි කිව්වේ අපේ තාත්තාට.තාත්තා කිව්වා කළබල වෙන්නේ නැතුව ටිකක් ආශ්‍රය කරලා බලන්න කියලා. ඉතින් අපි කාලයක් අශ්‍රය කලා. ඊට පස්සේ හසිනි කිව්වා අපි දැන් අම්මාට කියමු නේද කියලා. ඒත් මම බයෙන් හිටියේ. පස්සේ මම අම්මට කිව්වා අම්මේ මට කෙල්ලෙක් ඉන්නවා කියලා. දැන් අපේ අම්මට හසිනි නැතුව බෑ. මට වඩා එයා ආදරේ හසිනිට.


News Articles
Latest Videos
Most Popular Post