News Line| Off Air
Generic placeholder image

Dec
20

ඉක්මන් සුව පැතූ ආදරණීය රසික හැම දෙනාටම ගොඩක් පින්

397 Views


ඉක්මන් සුව පැතූ ආදරණීය රසික හැම දෙනාටම ගොඩක් පින්

චාමර වීරසිංහ කියන්නේ දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්.

ඔහු තරමක් අසනීප තත්ත්වයකින් පසුවන බව අපට දැනගන්නට ලැබුණා. ඒ ඔහුගේ ඩුබායි සංචාරය අතරතුරයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ ද මෙවැනි සටහනක් පළකර තිබුණා.

හදිසි අසනීප තත්වයක් නිසා මේ මාසයේ 30 වෙනිදා දක්වා ඩුබායි හි වෙද්‍ය ප්‍රතිකාර ලබන නිසා මේ මාසයේ නියමිත වූ ප්‍රසංග සඳහා සහභාගි වීමට නොහැකි වීම ගැම මම සමාව ඉල්ලන අතර ,මට ආශිර්වාද කල ඉක්මන් සුව පැතූ ආදරණීය රසික හැම දෙනාටම ගොඩක් පින්… අලුත් අවුරුද්දේ ආදරයෙන් හමුවෙමු..💕(නිහතමානී ආඩම්බරයක් දැනෙනව විදේශික රසිකයන්ගෙ ආදරයත් ලැබෙද්දි)


News Articles
Latest Videos
Most Popular Post