News Line| Off Air
Generic placeholder image

Dec
21

නංගීගෙන් අක්කාට සුබ පැතුමක්

593 Views


නංගීගෙන් අක්කාට සුබ පැතුමක්

නදිනි ප්‍රේමදාස කියන්නේ දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පිනීයක්. ඇයගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් ඇයට ලැබුණු සුබ පැතුම් අතර විශේෂ සුබ පැතුමක් තිබුණා. ඒ තමයි ඇගේ නංගීගේ ආදරණීය සුබ පැතුම. සුබ පැතුම සමග ඔවුන්ගේ ඡායාරූප කිහිපයකුත් ඈ පල කරලා තිබුණා.

සටහන හා ඡායාරූප පහතින්,

“සුභම සුභ උපන්දිනයක් මගේ අක්කාට. මගේ අක්කා විටෙක අම්මාගේ තැන ගන්න හදනවා කියලා මම කෑගැහුවත් අම්මා නැති හැම වෙලාවෙම අක්කා කියලා මම දුවගෙන එන්නේ ඒ ආදරය මට ලැබෙන්නේ ඔයාගෙන් කියලා මම හොදටම දන්න නිසා. ඉස්සර අපි කොච්චර හොර වැඩ, මෝඩ වැඩ කරලා ඇත්ද? අද අපි ඒවා හිනාවෙවී මතක් කරනවා. මම දවසක් කතා කලේ නැති වුණොත් “මාව මතකවත් නෑ නේද?” කියලා බැනලා Call එකක් දෙන්නේ. අපි දෙන්නාගේ ඒ බැදීම අපි දෙන්නට විතරක් නෙමෙයි අපේ බබාලා තුන්දෙනත් එක අම්මාගේ ළමයි වගේ තුන්දෙනාට තුන්දෙනා නැතුවම බෑ. අක්කා හැම මතු සංසාරේම මගේම සහෝදරයා වී උපදින එකයි මගේ එකම පැතුම”


News Articles
Latest Videos
Most Popular Post