News Line| Off Air| Games
Generic placeholder image

Dec
25

මම ඩිවෝස් එක ගැන කතා කරන පළමු වතාව මේක

279 Views


මම ඩිවෝස් එක ගැන කතා කරන පළමු වතාව මේක

දක්ෂ නිළියක් හා ගායිකාවක් ලෙස ජනප්‍රියත්වයක් හිමි කරගත් නතාෂා පෙරේරා කුඩා අවධියේම ප්‍රේක්ෂක හදවත් තුළ අමතක නොවන චරිතයක් වුණා.

ඇය විවාහ වන්නේ ජනප්‍රිය ගායකයෙකු වන ප්‍රිහාන් සමගිනුයි.

නතාෂා පිළිබදව සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් පුවත් මැවෙන අතර මෑතකදී ඇගේ විවාහය පිළිබදවත් ආන්දෝලනාත්මක පුවත් හුවමාරු වුණා.

නතාෂා යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ඒ පිළිබද අදහස් දැක්වුවේ මෙලෙසයි,

මම ප්‍රවෘත්ති මවන්නේ නෑ.. මැවෙනවා. මේ දවස්වල යන හොදම දේ මගේ දික්කසාදය ගැන. මම මගේ ඩිවොස් එක ගැන කතා කරන පළමු වතාව මේක. ප්‍රථම වතාව කියන්නේ ඒ දේ සිද්ධ වුණා කියන එක නෙමෙයි. ඒ මැවෙන පුවත් ගැනයි කතා කරන්නේ. අපි කියනවානේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ කියලා.මම කියන්නම් ගින්න නගින්න හේතුව…

මම අවුරුදු 8ක් විවාහ වෙලා. විවාහ වෙච්ච දවසේ ඉදලා ප්‍රිහාන් කිව්වේ වෙන ආදරවන්තයින් වගේ, අපි හැමදාම එකට වැඩ කරන්න ඕනේ නෑ, අපිව හැමවෙලාවෙම එකට දකින්න ඕනේ නෑ කියලා. ඉතින් ඔයා ඔයාගේ ගමන යන්න මම මගේ ගමන යන්නම් කියලා. දැන් ඕක මුල් කාල කිව්වම හරියට දුක හිතුනා. අඩලා තියනවා, රංඩු වෙලා තියනවා. ඇයි කිව්වොත් මම විවාහ වෙලා ඉන්න ස්වාමිපුරුෂයා එහෙම කියද්දි දුකක් නෙවෙයිද?. ගීතයක් නිසානේ අපි හම්බුණේ. මට මේක දරා ගන්න ටිකක් අමාරු වුණු තැනක්.

ඔහුගේ අදහස් මගේ අදහස් එක්ක නොගැළපෙනවා වෙන්න පුළුවන්. ඒකනේ හැටි. සීයට සීයක් ගැළපෙන්නේ නැනේ. අපි දෙන්නගෙත් එහෙමයි. අවබෝධය ලබන්න ගොඩාක් කල් ගියා. මම මුලින් හිතුවා මගේ අඩුපාඩුවක්ද කියලා. මේ වෙද්දි මට හිතෙනව, ඒ කියපු දේ ඇත්ත.. දැන් ඔය හේතුවත් එක්ක මම මගේ සමාජ මාධ්‍ය වලට මගේ ඡායාරූප දාන්නේ තනියම. මගේ ජීවිතය මම ලස්සනට ගත කරනවා. ඒවා ඔස්සේ තමයි දුම, ගින්න නගින්න ඇත්තේ..


News Articles
Latest Videos
Most Popular Post