News Line| Off Air| Games
Generic placeholder image

Jan
29

චිරන්ත ආවට පස්සේ ගොඩාක් දේවල් වෙනස් වුණා

456 Views


චිරන්ත ආවට පස්සේ ගොඩාක් දේවල් වෙනස් වුණා

සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අදිකාරි කියන්නෙත් ගීත ලොව තුළ තමන්ටම ආවේනික හඩක් රැන්දූ අයෙක්..

සමාජ මාධ්‍ය තුළත් ඇය නිතර කතාබහට ලක්වන කෙනෙක් කිව්වොත් නිවැරිදියි.

ඇය පසුගියදා වැඩසටහනක් හා එක්ව තමන් ඩීවිත කාලයම තනියම සිටිමට තීරණය කල බව කියා තිබුණා

මම හොදට ඇහුම්කන් දෙන කෙනෙක්. යාළුවෝ වුණත් මට කියනවා. මම හිතනවා පුදුම වදයක්නේ මේ මිනිස්සු දුක් විදිනවානේ කියලා.තනියම ඉන්න එක ඇත්තටම හොදයි. අපි දන්නෑනේ අපි හැමදාම ජීවත් වෙනවාද කියලා. ආදරේ කරන කෙනා වෙනස් වෙන්න පුළුවන්.මට කලින් නැතිවෙන්න පුළුවන්. අපි අවසන් ගමන් යන්නේත් තනියමනෙ..මගේ එකම හීනේ අම්මිවයි,මල්ලිවයි, තාත්තීවයි අන්තිම හුස්ම වෙනකන් බලාගන්න එක.

පාසල් කාලේ ගැනත් ඇය මෙලෙස හඩ අවදි කර තිබුණා,

ඉස්කෝලේ කාලේ මම හරි දගයි. මාව එක ස්කූල් එකෙන් අයින් කරන තැනට ආවා.ග්‍රේඩ් වන් මුල් කාලේ. කොල්ලෙකුට පැන්සලෙන් ඇනලා. පස්සේ අම්මි ගිය ස්කූල් එකට ගියේ. අම්මිත් හිතන්න ඇති ගර්ල්ස්ලා ඉන්න ස්කූල් එකකට දැම්මම දග වැඩ අඩුවෙයි කියලා. කොහොම හරි ඒකට ගිහිල්ලත් කරාබු පවා ඇදලා කන් ඉරිලා යාළුවන්ගේ…කොනිත්තලා…මගේ යාළුවෝ මට වැලි එහෙම දාලා දීලා තියනවා බොන පැණි බීමවලට, මට තියෙන තරහට. අද නම් එයාලා මට ගොඩාක් ආදරෙයි.

චිරන්ත සමිතාගේ ජීවිතයට ආපු එක ගැන කවී කිව්වේ මෙන්න මෙහෙම,

චිරන්ත ආවට පස්සේ අම්මි එයා හිටපු කාමරෙන් ආවා.ඒක හරියට දළඹුවෙක් පෙට්ටියක් ඇතුලේ දාලා තියනවනේ බටර්ෆ්ලයි කෙනෙක් වෙනකන්..අන්න ඒ වගේ..පස්සේ අම්මා ඇක්ටිව් වුණා. ගෙදර ගොඩාක් දේ වෙනස් වුණා. මගේ ඔලුව ලොකු බරකින් නිදහස් වුණා..


News Articles
Latest Videos
Most Popular Post