News Line| Off Air
Generic placeholder image

Feb
1

මට ගොසිප් හැදෙන්නේ නතාශා නිසා

324 Views


මට ගොසිප් හැදෙන්නේ නතාශා නිසා

යායට පායන පෝදා සද ගීතය හරහා කරලියට පැමිණ ප්‍රේක්ෂක හදවත් දිනාගත් ගායකයෙක් තමයි ප්‍රිහාන් මාදප්පුලි කියන්නේ.

ප්‍රිහාන් යුග දිවිය ඇරඹුවේ ගායන ශිල්පිනියක් වන නතාෂා පෙරේරා සමග බව සියල්ලන්ම දන්නා කරුණක්. නතාෂා සහ ප්‍රිහාන් පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන පුවතක් තමයි මේ දෙදෙනා දික්කසාද වී ඇති බව. කොහොම වුණත් මේ දේ බොරුවක් බවයි මේ දෙදෙනා පවසන්නේ. ඔවුන්ට අහන්න ලැබෙන ගොසිප් පිළිබදව ප්‍රිහාන් පසුගියදා යූටියුබ් නාලිකාවක් සමග මෙලෙස පවසා තිබුණා,

“මම ගැන වැඩිය මුල ඉදන්ම ගොසිප් හැදුනේ නෑ. මම නතාෂා එක්ක විවාහ වුණාට පස්සේ තමයි ගොසිප් හැදුනේ. මොකද නතාෂා කියන්නේ ජනප්‍රිය කෙනෙක්. කෙනෙකුට ගොසිප් හැදෙන්නේ එයා ජනප්‍රිය වුණාම. අපිට බොරු ගොසිප් හදලා කවුරු හරි ජීවත්වෙනවා නම් කමක්නෑ ඉතින් කියලා තමයි කියන්න තියෙන්නේ. “


News Articles
Latest Videos
Most Popular Post