News Line| Off Air| Games
Generic placeholder image

Feb
16

මාධවී ඇන්තනී සංවේදි වෙමින් කියූ කතාව

486 Views


මාධවී ඇන්තනී සංවේදි වෙමින් කියූ කතාව

මාධවී වත්සලා ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ දියණියයි.


පසුගිය කිලයේ ඇය ගැන ලොකු කතාබහක් ඇති වුණා. ඒ ඇයගේ දික්කසාද වීමේ පුවතත් සමගයි.


කටකතා ගැන ඇය කියලා තිබ්බේ මෙහෙම දෙයක්,

මම ජනප්‍රියද කියන එක තීරණය කරන්නෙ මම නෙවෙයි, මගෙ රසිකයන්. හැබැයි එහෙම ජනප්‍රිය වුනා කියලාත් අපිට වෙන දේවල් ඒ අයට වෙන්නෙ නැද්ද? අපටත් ඒ වගේම දුක හිතෙනවා. රිදෙනවා. මම සතුටින්, සුන්දරව ඉන්නා එකක් පළ කළාම විවේචනයට ලක් වෙනවා වැඩියි. මගෙ සහෝදරයන් ඔවුන්ගේ අඹු දරුවන් සමඟ හෝ තනිව විනෝදාංශ අතරතුර හෝ විනෝද ගමන් ගිහින් පිංතූර පළ කරද්දි සතුට පළ කරන සමහර රසිකයන්ට මම එසේ කළොත් කේන්ති ‍යනවා. නරක කොමෙන්ට් දාන ගිණුම් බොරු ඒවා. අපට හැමෝවම සතුටු කරන්න බෑ .

ජීවිතේ ගැන ,ආ මග ගැන තෘප්තිමත් නෑ.මට මගෙ ජීවිතේ මිස් වුනා.මං ආසයි මං මැරෙන දවසක තනිකමක් නැතුව ගෙවන්න. එදාට මම ලෝකෙ හොඳම නිළිය වුනත්, දක්ශම ගායිකාව වුනත් පළක් නෑ මට තනිකමක් දැනෙනවා නම්.


News Articles
Latest Videos
Most Popular Post