News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
20

ප්‍රතිශක්තිය ඉහළ දමන ආයුර්වේද කැඳ වර්ග

915 Views


ප්‍රතිශක්තිය ඉහළ දමන ආයුර්වේද කැඳ වර්ග

බාල, තරුණ, වැඩිහිටි, මහලු මෙන්ම, රෝගී හා නිරෝගී අයටත් කැඳ වර්ග පානය කිරීම බොහෝ ගුණදායකයි.

වර්තමානයේ සමාජයේ බොහෝ දෙනෙකු ගොදුරුව සිටින බෝ නොවන රෝග නිසාම වස විසෙන් තොර ආහාර රටාවකට හුරුවීම අත්‍යවශ්‍ය වී ඇත. සාමාන්‍යයෙන් මෙම සහල් වර්ග මිල අධික වීම නිසා ප්‍රධාන ආහාරවේලට භාවිත නොකළත්, උදෑසන තේ හෝ පිටිකිරි වර්ග පානය වෙනුවට මේ දේශීය සහලින් සෑදූ කොළ කැඳ පානයක් ලෙස ගන්නේ නම්, එය වඩාත් සෞඛ්‍යයට හිතකරය.

එමෙන්ම කොළ කැඳ සාදා ගැනීමට අවැසි ශාක කිහිපයක් ඔබේ ගෙවත්තේ සිටුවා ගැනීමට හැකි නම්, ඔබේ කාර්යය වඩාත් පහසු මෙන්ම, වඩාත් සෞඛ්‍යාරක්ෂිත බව ඔබටම ප්‍රත්‍යක්ෂ කරගත හැකිය.

කැඳ වර්ග

කැඳ වර්ග ගැන කතා කිරීමේදී අපට ධාන්‍ය කැඳ, කොළ කැඳ, පොතු කැඳ ආදී වශයෙන් ශරීරයට වඩාත් ගුණදායී කොළ කැඳ වර්ග කිහිපයකට වෙන් කළ හැකිය.

කොළ කැඳ සඳහා සුදුසු කොළ වර්ග,

හාතාවාරිය

ඉරමුසු

කරපිංචා කොළ

ගොටුකොළ

රණවරා කොළ

වැල්පෙනෙල කොළ

පොල්පලා

කොළ කැඳ පානයෙන් ලැබෙන ගුණ

බඩගින්න හා පිපාසය නසයි


වාතය සමනය කරයි


මළ, මුත්‍ර පහකිරීම පහසු වේ


ආහාර රුචිය වර්ධනය වේ


සම පැහැපත් වේ


ශරීර ශක්‌තිය, නුවණ, ධාරණ ශක්‌තිය වර්ධනය වේ


ශරීරගත විෂ පදාර්ථ නිර්හරණය කරයි


ආයුෂ වැඩි වේ


ශරීර වර්ණය අලංකාර වේ


වාතය අනුලෝම කරයි


නොනැසී ශේෂවූ ආහාර පැසවයි


අග්නිය වැඩි කරයි


News Articles
Latest Videos
Most Popular Post