News Line| Off Air
Generic placeholder image

Mar
5

දර්ශන්ගේ උපන්දිනය වෙනුවෙන් නිරංජනී පල කල සටහන

344 Views


දර්ශන්ගේ උපන්දිනය වෙනුවෙන් නිරංජනී පල කල සටහන

දර්ශන් ධර්මරාජ් කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයට හිටපු අතිදක්ෂ චරිතාංග සම්මානීය රංගන ශිල්පියෙක්.


මොහු පසුගිය වසරේ ඔක්තෝබර් 2 වන දා මෙලොව හැර ගියේ කලා ක්ෂේත්‍රයට සුවිසල් හිස්තැනක් සටහන් කරමින්.

පසුගිය මාර්තු 2 වන දා දර්ශන්ගේ උපන්දිනය යෙදී තිබුණා.ඔහු ජීවත්ව සිටියා නම් ඒ 42 වන උපන්දිනයයි.ඔහුගේ උපන්දිනය වෙනුවෙන් රංගන ක්ෂේත්‍රයේ දර්ශන්ගේ ළගම හිතවතියක් වන සම්මානනීය රංගන ශිල්පී නිරංජනී ෂන්මුගරාජා ඔහුව සිහිපත් කරමින් සටහනක් ඇගේ Facebook ගිණුමේ සටහන් කර තිබුණා.


පහත දැක්වෙන්නේ ඒ සටහනයි.

“ඔබගේ උපන්දිනය අවසාන වශයෙන් පැමිණ ඇත.
ඔබ තවදුරටත් අප සමග මිහිපිට නැති වූවද
අප සැමදා මෙන් තවමත් ඔබව සමරන්නෙමු.
ඔබ කොතැනක සිටියත් මගේ ආදරය ඔබ සමග රැගෙන යාමට මම තරුවක් මත ප්‍රාර්ථනා කරමි.
මගේ මිතුරා, මගේ ගුරුවරයා, මගේ සහෝදරයා, මගේ රීල් වීරයා, මගේ වාසනාවන්ත දර්ශන් ධර්මරාජ් ඔබට සුභ උපන්දිනයක් !
මට ඔබ නැතුව පාළුයි කියලා ඔබට කියන්නට වචන ප්‍රමාණවත් නොවෙනු ඇත .”


News Articles
Latest Videos
Most Popular Post