News Line| Off Air
Generic placeholder image

Mar
28

ආකර්ෂණීය කෙස් කළඹකට මී පැණි සත්කාරය

377 Views


ආකර්ෂණීය කෙස් කළඹකට මී පැණි සත්කාරය

අතීතයේ පටන්ම කාන්තාව කෙස් කළඹ කෙරෙහි වැඩි අවදානයක් යොමු කළා. ඔවුන් විවිධ වූ ස්වභාවික සත්කාරක ක්‍රම භාවිතා කරමින් තම කෙස් කළඹ දිගු අකර්ශනීය, ශක්තිමත් කෙස් කළඹක් බවට පත් කර ගැනීමට වෙහෙසී තිබෙනවා. එහි දී ඔවුන් මී පැණි සත්කාරයද බහුල ලෙස යොදා ගත් බව ඉපැරණි පොත පතෙහි සදහන් වනවා.

අත්‍යවශ්‍ය විටමින් සහ රයිබෝෆ්ලෙවින්, යකඩ, සින්ක්, විටමින්, B6 සහ ජීන්ණක තන්තු වැනි ඛණිජ රැසක් අඩංගු මී පැණි අතීතයේ සිට භාවිතා කළ ඖෂධීය වටිනාකමකින් යුක්ත ස්වභාවික සත්කාරයකි.

රැකියා ක්ෂේත්‍රයේ නිරතව සිටින කාන්තාව කාර්යය බහුල වීමත් සමග සිය කෙස් කළඹ කෙරෙහි දක්වන සැලකිල්ල අඩු වී තිබෙනවා. නමුත් ලෙහෙසියෙන්ම හා පහසුවෙන් ම මී පැණි යොදා ගනිමින් කෙස් කළඹ ආකර්ශනීය කර ගන්නා අයුරු අප ඔබට මෙහි දී පැහැදිලි කර දක්වනවා.

01.කිරි සහ මී පැණි

ඔබගේ හානි වී ඇති හිසකෙස් නැවතත් යථා තත්වයට පත් කර ගැනීමට මින් හැකියාව ලැබෙයි. කිරිවල ප්‍රෝටීන්, සින්ක්, මැග්නීසියම්, කැල්සියම් අඩංගු වන අතරම ඉන් කෙස් කළඹ පෝෂණයක් වගේම තෙතමනයක් ලබා දේ.

භාවිතා කරන ආකාරය:

මී පැණි ස්වල්පයක් භාජනයකට දමා උණු වන විට එයට මී පැණි ස්වල්පයක් එක් කර මිශ්‍රනය මදක් ඝන වන තුරු උණු කර ගන්න. මිශ්‍රණය තිබෙන්නට තබා හිස කෙස්වල පැය භාගයකට පසු සාමාන්‍ය පරිදි සෝදා හරින්න.

  1. ඔලිව් තෙල් සහ මී පැණි

ඔලිව් තෙල් වල 80% ක්ම අඩංගු වන්නේ ඔලෙයික් අම්ලයයි. විටමින් A, විටමින් D , විටමින් K , විටමින් E , විටමින් C අඩංගු වන අතර
මේවා කෙස් කළඹ වර්ධනය කිරීමට වඩාත් යෝග්‍යය.

භාවිතා කරන ආකාරය:

මුලින්ම ඔලිව් තෙල් සහ මී පැණි ස්වල්පයක් ගෙන භාජනයකට දමා මිශ්‍රනයක් සාදා ගන්න. ඉන් පසු කෙස් කළඹ මත හොදින් ආලේප කර පැයක් පමණ වේලෙන්නට හරින්න. පසුව හොදින් සෝදා හරින්න. මෙය සතියකට දෙවරක් භාවිතා කිරීම මගින් ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල ලගා කර ගත හැකි වේ.


News Articles
Latest Videos
Most Popular Post