News Line| Off Air| Games
Generic placeholder image

Mar
30

මට, නැවත ජීවය දුන් මගේ දෙවැනි මව

1177 Views


මට, නැවත ජීවය දුන් මගේ දෙවැනි මව

ශලිනි තාරකා කියන්නේ දක්ෂ හා ජනප්‍රියත්වය සාර්ථකව රැක ගනිමින් කලා ලෝකයේ දිදුලන තාරකාවක් කිව්වොත් නිවැරදියි

ඇය සම්මානයට පාත්‍ර වීමත් සමග ඇයට සුබ පැතුම් රාශියක් ලැබුණා. සමාජ මාධ්‍යය තුළ ඇය ගැන ලියවෙන සටහන්ද දැකගත හැකි වුණා.

එලෙස ලියුවුණු සටහනකට ශලිනි මෙලෙස ප්‍රති සටහනක් ලියා තිබුණා.

ජීවිතේ මට මිනිසුන් ගොඩාක් මුණගැසි තියෙනවා. ඒ අතුරින් මට ජීවිතේ මුණගැහුණු, හරියටම කිව්වොත් මාව හොයාගෙන ආපු විශේෂ ගැහැණියක් ඇය නමින් බුද්ධිකා. අද මම මේ සිටින තැනට බර කොටසක කොටස්කාරියක් ඇය. ජීවිතේ එක්තරා කාලවකවානුවක සිදුවුනු ඛේදවාචකයක් නිසා මරණයට අතවනමින් හිටපු මට නැවත ජීවය දුන්නේ ඇය. මගේ ජීවිතේ මාව බිහිකරපු අම්මාට පසුව, ගැරහුම් හිංසා පීඩන මැද නොකල වරදකට වැරදිකාරියක වී අකාලයේ මියයන්නට ගිය මට නැවත ජීවය දුන් මගේ දෙවැනි මව ඇය කිව්වොත් මම නිවැරදි. කිසිම කෙනෙකුට මුහුණ නොදි කතා නොකර මුල්ලකට වී හිටපු මොහොතක ප්‍රාතිහාර්යක් මෙන් ඇයම මාව හොයාගෙන ඇවිත් මගේ අතින් අල්ලගෙන මට කියපු වචනයක් පසා මට තවමත් මතකයි. අද මේ සිටින ශක්තිමත් ගැහැණිය නිර්මාණය කලේ ඇයයි. ඉතින් මේ මොහොත වන විට ඇයව ආදර්ශයක් කරගෙන මා මෙන් කඩාවැටුනු ගැහැණුන්ගේ හිත ශක්තිමත් කරන මෙහෙයුම පටන්ගෙන අවසන්.ගොඩාක් ස්තූතියි. මගේ ජීවිතය බේරාගෙන ජීවිතයේ වටිනාකම කියලා දුන්නාට 😊අද මම හිතනවා මාව දකින හැම මොහොතකම “එදා මම ජීවිතය අතහැරියානම් ?” Thank you Buddhika Erandi Jayasinghe 🫶🏾♥️

Shalani කිසිම දවසක ඔයා ගැන ලියන්න මට ඕනෙ උනේ නෑ. මොකද ඊට වඩා පහසුවෙන් අපි කතා කරන නිසා. ඒත් නංගි අද මං හිතනවා, ඔයා ගැන මම ලියන්න ඕනෙ කියලා. ඒකට හේතුව අද නංගි දෝතින්ම තුරුළු කරගෙන ඉන්න ඔයාගේ සම්මානනීය බව හින්දාම විතරක් නෙවෙයි ඒ විශිෂ්ඨත්වය වෙත ඔයාව අරගෙන යන ශක්තිමත් පෞරුෂය වෙනුවෙන්! ඒ කතාව කාගෙම හරි ජීවිතේ වෙනස් කරාවි කියන විශ්වාසයෙන්කෙනෙකුට හිතෙන්න පුළුවන් ශලනී ආවේ හරි සරල පැහැදිලි පහසු මාවතක නේද කියලා. අපිට එහෙම හිතෙන්න අවුරුදු 16න් ලංකාවේ දිදුලන තාරකාව උන ශලනී තාරකා එදා වගේම අදත් එක වගේ දිදුලන නිසා. එතන තියෙන්නෙ පැහැදිලිවම ශලනී ගේ තාරකා ගුණය! දන්නවා ද ශලනිගේ, තාරකා ගුණය මොකක් ද කියලා? සරලවම Professionalism! කෙනෙක් හිතනවා නම් ශලනිට තියෙන්නෙ පුදුම වාසනාවක් කියලා, මං කැමති කියන්න ශලනී කියන්නේ “වාසනාව ට” ත් උපමාවක් ශලනී. හැමකෙනෙකුටම එන්න වෙන දුෂ්කර මාර්ගයක ඊටත් තව ටිකක් අපහසු දුර්ඝ මාර්ගයක් හෙළිපෙහෙළි කරගෙන ” මගේ වැඩේ හරියටම මං කරන්න ඕනේ” කියන අරමුණ ම හිතේ තියාගෙන ආව ගමනක් මේක. ශලනී ගෙන් ඉගෙන ගන්න වටින වැදගත් දෙයක් තියෙනවා! ” කතා කලයුතුම තැන දැන සිටීමත්, කතා නොකලම යුතු දේ ගැන හොඳින්ම දැන සිටීමත්” තවත් දෙයක්, ශලනී ඉන්නේ තරු අතරේ උනාට එයා හිටගන්නෙ මහ පොළොවේ! බොහෝ කෙනෙක් ශලනි ගැන නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි මොන වැඩේ තිබුනත් කෙනෙක් එයාට කතා කලොත් “මට ප්‍රශ්නයක්” කියලා ශලනී ට වෙලාව තියෙනවා ඇහුම්කන් දෙන්න.එයාට බැරිම වෙලාවක් උනොත් රෑ දොලහට උනත් ” අනේ අක්කේ, මං කෙනෙක්ව එක්කගෙන එන්නම් ඔයාට පුළුවන් නේද එයාව බලාගන්න” ඔව්, ශලනී එහෙම තමයි! ඉතින් මට අනුව ශලනී කියන්නෙ ආදරණීය මනුස්සයෙක් ට… මං හැමදාමත් කියනවා වගේ, ඔයා ගේ ගමන තව දුරයි. මේ ආවා වගේම හෙමින් පරිස්සමෙන් ලස්සනම හිනාවෙන් හදවත පුරවගෙන මේ ගමන යන්න. ඔයා දිහා බලාගෙන ඉන්නමංඅක්කා,බුද්ධිකා ඊයේ මම ලිපියක් ලිව්ව අද ඒක මෙතනටම එකතු කරන්නම්. (ඒ ලියන වෙලාවේ දැනගෙන හිටියේ නෑ ඊයේ රාත්‍රියේ මේ සම්මාන වලට ශලනී අඩු තරමින් නිර්දේශ වෙලාවත් ඉන්න බව) ඒ ලිව්වේ ඇත්තටම ශලනි ගැන.


News Articles
Latest Videos
Most Popular Post