News Line| Off Air
Generic placeholder image

Apr
5

ඒ ආදරයට මම හරි ලෝභයි

478 Views


ඒ ආදරයට මම හරි ලෝභයි

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා සමාජ මාධ්‍යය තුළත් එකලෙස ජනප්‍රියයි.ඒ ඇය තබන සටහන් නිසායි.

ඉතින් ඇය ආදරේ ගැන සමාජ මාධ්‍යයේ අපූරු සටහනක් තබා තිබුණා. එහි ඇය දක්වා තිබුණේ ඇය ආදරවන්තියක් වූ බවයි.

පහත දැක්වෙන්නේ එම සටහනයි,

“විශ්වාස කරන්න පලවෙනි වතාවට ආයෙම මට ආදරයක් දැනුනා ඇත්තටම ඒ ආදරය ළඟ මට නිදහසක් දැනුනා. කාලෙකින්… මම ඒ ආදරය ලඟ සතුටු වුණා පලවෙනි වතාවට මම හදවතින්ම හිනා උනා… ඒ ආදරය තමයි “..මම..” මම තරම් මාව දන්නෙ කවුද? මම තරම් මාව තේරුම් ගන්නෙ කවුද? මම තරම් මාව දරා ගත්තෙ කවුද? මම තරම් මාව සැනසුවේ කවුද? තනි නොතනියට මාත් එක්කම අඬලා, මාත් එක්කම හිනා උනේ කවුද? විනිශ්චයකින් තොරව මගේ ළඟ හිටියේ කවුද? ඒ “..මම..” විතරයි ඉතින් ඒ ආදරයට මම හරි ලෝබයි මම නිදහස් කෙල්ලෙක් දැන් මම ආදරවන්තියක්❤️✨


News Articles
Latest Videos
Most Popular Post