News Line| Off Air
Generic placeholder image

Apr
6

බිරිද වෙනුවෙන් ධනංජය තැබූ ආදරණීය සටහන

428 Views


බිරිද වෙනුවෙන් ධනංජය තැබූ ආදරණීය සටහන

ධනංජය සිරිවර්ධන ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙක් .

පසුගිය දිනක ඔහුගේ බිරිදගේ උපන් දිනය යෙදී තිබුණා . ඇයගෙ උපන්දිනය වෙනුවෙන් සුබ පතමින් ධනංජය අපූරු සටහනක් තම ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා .

ඔහුගේ බිරිද ජනප්‍රිය යූටියුබ් තාරකාවක්. ඒ ගැනත් ධනංජය මෙහි සදහන් කර තිබුණා .

“Wife ගෙ pink room අපි බලනව කියන්න” ලංකාවෙ විතරක් නෙවෙයි වෙන රටවල ඉන්න ගොඩක් අයත් මට එහෙම කියල තියෙනව.

doctors ල, ගුරුවරු මගේ ක්ෂේත්‍රයේ අයත් ඉස්කෝලෙ යන කෙල්ලොත් ඔයාගෙ pink room බලනව.

ඒ අය මාව හම්බුනාම එහෙම කියනකොට ඇත්තටම මට සතුටුයි. ඔයාට ඕනෙ උනේ නෑනෙ ජනප්‍රිය වෙන්න. ඔයාට ඕනෙ උනේ හොඳ දෙයක් කරන්න. ඒත් දෑං ඔයා ජනප්‍රියයි. මගේ නාට්‍ය බලන්නැති අයත් ඔයාව දන්නව.

ඔයාට කැමතියි. ඇත්තටම මාත් ඔයාට හරි කැමතියි.

සුබ උපන් දිනක් wife!


News Articles
Latest Videos
Most Popular Post