News Line| Off Air| Games
Generic placeholder image

Apr
15

මාධවී පළ කළ සංවේදී සටහන

645 Views


මාධවී පළ කළ සංවේදී සටහන

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී හදීසි අනතුරකට ලක්ව මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සියළු දෙනා දන්නා කරුණක්.

කෙසේ වුවත් ඔහුගේ මේ වන විට තත්ත්වය පිළිබදව සමාජ මාධ්‍යයේ විවිධ තොරතුරු හුවමාරු වෙන නමුත් දියණිය මාධවී වත්සලා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණ ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බව ප්‍රකාශ කළා.

මාධවී සමාජ මාධ්‍යයේ ඇය හා ඇගේ පියා අතර පවතින අපූරු බැදීම ගැන පළවුණු කවියක් ඇයගේ සමාජ මාධ්‍යය ගිණුමේ නැවත පළ කර තිබුණා.

එය පහතින් බලන්න,

නිසොල්මන් වී නිදා නොනිදා බරට වැටෙනා හුස්මට තාම පණ නළ රැඳී තියෙනා නුඹව බර නෑ සයනෙට අතහරින්නට ලෝබ හිතෙනා කාලේ ගෙවෙනා දවසට තුරුළු වෙන්නම ඕනේ ආයේ ආදරෙන් නුඹේ පපුවට මතක අමතක කරන් මිනිසුන් කියන දේවල් හරහට නුඹට නෑසෙන අපව පෑරෙන කඳුළු දෙනවා මතකෙට වටිනකම් අඩු වෙලා යනවද නුඹව බර මේ ලෝකෙට නුඹේ සුවඳත් අපිට හයියක් නැගිට එන්නකෝ හනිකට අපිට නුඹ මිස වෙනත් දේවල් නැති නිසා රැක ගන්නට ගෙවෙන තප්පර සවිය වේවා පිනෙන් කේසර හිතකට පිරිත් සුතුරක ආයූ බල දෙන සියක් දෙවියන් පිහිටට නිසැකවම නුඹ රකිනවා සුව දෙවා පිරිපුන් දිවියට කරන්නට තව බොහෝ දේ ඇති නිසා උපනා රටකට නිදුක් වී දුක් නිමා කරමින් එන්න රන්කඳ ගෙදරට ආදරෙන් නුඹ සැදූ ලෝකේ තනිය හුරු නෑ දුවෙකුට ඉතින් ඉක්මන් සුව ලැබේවා මගේ රන් අප්පච්චිට. – මාලිකා මිස්කින් –


News Articles
Latest Videos
Most Popular Post