News Line| Off Air| Games
Generic placeholder image

Apr
29

හර්ෂිගෙන් අක්කාට ආදරණීය සුබ පැතුමක්

441 Views


හර්ෂිගෙන් අක්කාට ආදරණීය සුබ පැතුමක්

කෙටි කාලයක් තුළ කා අතරත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ හර්ෂි රසංගා නම් ‌නොදන්නා අයෙකු නැති තරම්.

ටෙලිනාට්‍ය, සංගීත වීඩියෝවල නැතිවම බැරි වුණ ඇය මෑත කාලයේදී කතාබහට ලක්වුණේ ඇගේ විවාහ ගිවිසගැනීමත් සමගයි.

පසුගියදා ඇ‌ගේ ළගම ඥාතී සොහොයුරියකගේ උපන්දිනය වෙනුවෙන් ඇය සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද සමගින්.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,

මං ලොකු දේවල් ලියන්නේ නෑ. මොකද මට කම්මැලි. හැබැයි මගේ account එකේ මෙයා වෙනුවෙන් ඉඩක් මං වෙන් කලේ නැත්තන් ඒක මං කරන ලොකු වැරැද්දක්. මගේ friend list එකෙන් බාගයක්ම මෙයාගේ යාළුවෝ. ඉතින් මං එයා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒත් මේ මගේ කතාව!පොඩි කාලේ මට මෙයා එක්ක ලොකු මතකයක් නෑ. මොකද මම මෙයාට වඩා අවුරුදු 10ක් බාලයි. ඉතින් මට මතක ඇති කාලෙක ඉදලා මෙයා හිටියේ නුවර මම හිටියේ තංගල්ලේ. ඒ කාලේ මට එයා ලග ඉන්න බැරි උනා කියලා මම දුක් වෙන්නේ නෑ මොකද, මට අවශ්‍යම කාලයේ ඉදලා එයා එක්ක ඉන්න නිසා. අපි හැමදාම රණ්ඩු වෙනවා, බැනගන්නවා. සමහර වෙලාවට මෙයා බේරිලා ඉන්නේ මං මෙයාට වඩා බාල නිසා. ඒ තරම් තරහක් එනවා. හරිම කටකාරයි. ගෙදර ලොක්කා මෙයා (කියලා තමයි එයා හිතන් ඉන්නේ). ගොඩක් ඉක්මනට තරහා යනවා. හැබැයි ඉතින් ඒ තරහා ගොඩක් ඉක්මනට කල් ඉකුත් වෙනවා. අපි රණ්ඩු වුනාම මම හිතනවා “ආයෙනම් මෙයා එක්ක කතාකරන්නේ නෑ” කියලා. ඒත් අනිත් තප්පරේට “ඕයි මේ” ගාගෙන එනවා කාගෙ හරි ඕපදූපයක් උස්සගෙන. පස්සේ ඉතින් දෙන්නම පැය ගානක් කෝප්ප හෝදනවා. මං හරි ආසයි මෙයා ලියනවට. මම කියවන්න ලියන්න කම්මැලි නිසා මෙයාගේ ලියපු දේවල් 10%ක්වත් මම කියවලා නෑ. ඒත් ඒවා දැකපු අනිත් අය කියන දේවල් ඇහුවම ඒ දැනෙන සතුට කියන්න අමාරුයි. පොඩි කාලේ මම හරි ආඩම්බරෙන් කියනවා මගේ අක්කා ලියනවා කියලා. ඒත් දැන් එහෙම කියන්න ඕන නෑ. මොකද මෙයා ගැන නොදන්න කෙනෙක් Facebook එකේ හොයාගන්න අමාරැයි. ඒ නිසා දැන් මං හරිම ආඩම්බරෙන් කියනවා SHYNO කියන්නේ මගේ අක්කා කියලා Sh Y No සුභ උපන්දිනයක් හලෝ. අම්මිට පස්සෙ මං දැක්ක ශක්තිමත්ම ගැහැණිය ඔයා. ජීවිතේ හරි අමාරුයි ඒත් ඒ අමාරුවේ තියෙන ලස්සන බලන්න. එතකොට පුළුවන් ජීවිතේ විදවන්නේ නැතුව විදින්න ප.ලි. : අඩන්න ඔට්ටු නෑ හරිද? ආදරෙයි, හැබැයි චුට්ටයි.

Processed with VSCO with dog1 preset
Processed with VSCO with dog1 preset


News Articles
Latest Videos
Most Popular Post