News Line| Off Air| Games
Generic placeholder image

May
3

‘ අනේ දරුවො මං අසනීපෙන් ඉන්නෙ මේ දවස්වල ‘… එයා එහෙම කියනව

554 Views


‘ අනේ දරුවො මං අසනීපෙන් ඉන්නෙ මේ දවස්වල ‘… එයා එහෙම කියනව

ජි. ආර් . පෙරේරා කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් .

ඔහු දිවියෙන් සමුගත් පුවත ඔබ කවුරුත් දන්නවා ඇති.

මේ දවස්වල ඔහුගේ රංගන හැකියාව ගැනත් ඔහු තුල පැවති නිහතමානී බව ගැනත් ඔහුට ආදරේ කරන කවුරුත් ලියන්න කතා තරන්න පටන් අරන් .

මේ සටහනත් එහෙම එකක්.

මාධවී ඇන්තනීගේ ආදරණීය පෙම්වතා කසුන් මහේන්ද්‍ර තමයි මේ සටහන පල තිබුණේ.

මං චූටි ම කාලෙ අම්මගෙ අතේ එල්ලිලා පිළියන්දල ඉස්කෝලෙ යද්දි නිරන්තරයෙන් ටීවී එකේ දකින මනුස්සයෙක් අපිට පාර තොටේ හම්බෙනව. ආන්න අර අරය කියල අම්ම මට පෙන්නනව.

එයා බොහොම සාමාන්‍ය මනුස්සයෙක් විදිහට එල්ලිලා හැලෙන කලිසමකුයි රබර් සෙරෙප්පු දෙහෙකුයි දාගෙන ටියුලිප් බෑග් එහෙකුත් ඇන්නගෙන පොළේ යනව මං ඒ කාලෙ සෑහෙන දැකල තියෙනව. මනුස්සය අනේ අපි එක්කත් නිහතමානීව හිනාවෙනව. ගෙදර ඇවිත් රෑට බත් පිඟානත් අරං බ්ලැක් ඇන්ඩ් වයිට් චූටි ටීවී එක ඉස්සරහ වාඩිවුණාම අර පොළේ ගියපු මනුස්සය මෙන්න රූප පෙට්ටියෙ ඉන්නව. අන්න අන්න අරයා මං අම්මට පෙන්නනව.

අවුරුදු ගාණකට පස්සෙ මං වෘත්තියෙන් රචකයෙක් , අධ්‍යක්ෂකවරයෙක් වුණාම මං පුංචි කාලෙ දැකපු මේ මනුස්සයගෙ නොම්මරේ හොයාගෙන මගෙ නිර්මාණයකට කතා කරනව. ‘ අනේ දරුවො මං අසනීපෙන් ඉන්නෙ මේ දවස්වල ‘ එයා එහෙම කියනව. ඒ තමයි මේ මනුස්සයට මං කතා කරපු පළමු සහ අවසන් වතාව. මේ දැන් ආරංචි වුණේ අනේ ඔහු අද මිය ගිහින් කියල. ඔව් අම්මෙ ආන්න අර අරයා නොඑන්න ම ගිහිල්ල.

කිසිදා ගගනමය තරුවක් නොවූ ජී ආර් පෙරේරා මහතාණෙනි ඔබට සැපවත් නින්දක් ලැබේවා ! කසුන් මහේන්ද්‍ර හීනටිගල


News Articles
Latest Videos
Most Popular Post