News Line| Off Air| Games
Generic placeholder image

May
11

අම්මාටයි තාත්තටයි වඩා දැන් එයා තමයි ජනප්‍රියම

571 Views


අම්මාටයි තාත්තටයි වඩා දැන් එයා තමයි ජනප්‍රියම

සාරංග – දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති .

කලා ලොවේ වගේම සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය තරු යුවලක් තමයි මේ දෙදෙනා.

නමුත් දැන් සාරංග – දිනක්ෂිට වඩා දැන් වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ ඔවුන්ගේ පුංචි දෝණි සාරන්‍යාටයි.

මේ දෙදෙනා කලා කටයුතුවල කොච්චර කාර්යබහුල වුණත් චූටි සාරන්‍යා එක්ක කාලය ගත කරන්න අමතක කරන්නේ නෑ.

ඒ වගේම සාරන්‍යාගේ දග වැඩ සමාජ මාධ්‍යවල පල කරන්නත් අමතක කරන්නේ නෑ .

මේ පුංචි පවුල පසුගිය දවස් ටිකේ ඇල්ල නගරයට විනෝද ගමනක් ගියා. එහි දී ගත් ඡායාරූප දෙකක් සාරංග සමාජ මාධ්‍යට පල කර තිබුණා .

ඒ ඡායාරූප දෙකේම සාරංග – දිනක්ෂිට වඩා කැපිලා පේන්නේ පුංචි දූ සාරන්‍යාවයි .

ඒ ඡායාරූප පල කර තිබුනේ අපුරු සටහනක් එක්කයි .

“අපේ පුංචි විලාසිතාකාරිය බලන්නකෝ එයාව දැක්කොත් කරුණාකරලා එයාට හායි කියන්න.”


News Articles
Latest Videos
Most Popular Post