News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

දශක 5ක මිත්‍රත්වය නැවතත් අලුත් වුණු හැටි

932 Views


දශක 5ක මිත්‍රත්වය නැවතත් අලුත් වුණු හැටි

මාලිනී ෆොන්සේකා ගැන නොදන්න කෙනෙක් නැහැ නේ. ඇය රිදී තිරය වර්ණවත් කල දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.


ඉතින් ඇය මේ දවස්වල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි.


එහි දී ඇයට ඇගේ අතීත යෙහෙලියක් මුණගැහිලා තිබුණා.
ඒ වෙන කවුරුත් නෙවෙයි ජ්‍යෙෂ්ඨ සිනමා නිලි සෝනියා දිසා යි .

ඇයත් මෙරට රිදී තිරය වර්ණවත් කල රංගන ශිල්පිනියක්.

සෝනියා පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඇය මාලිනී ෆොන්සේකාව මුණගැහෙන්න ගියා කියලා තමයි ආරංචිය.


මේ ආදරණීය හමුවීමට ප්‍රවීන රංගන ශිල්පිනි යශෝධා විමලධර්මත් එකතු වෙලා හිටියා.


එහි දී ගත් ඡායාරූප කිහිපයක් යශෝධා ඇගේ සමාජ මාධ්‍යට පල කරන්නද අමතක කලේ නෑ.

එම ඡායාරූප පහතින් .


News Articles
Latest Videos
Most Popular Post