News Line| Off Air| Games
Generic placeholder image

Jul
16

කුමාරි හෙවත් කෝමාරිකාවේ ‌මෙතරම් ගුණ ?

750 Views


කුමාරි හෙවත් කෝමාරිකාවේ ‌මෙතරම් ගුණ ?

ඈත අතීතයේ සිටම මිනිසාට දිව්‍ය ඖෂධයක් බදු වූ කෝමාරිකා ශාකය වර්තමානයේදීත් ග්‍රාමීයව මෙන්ම නාගරිකවත් දැකගත හැකියි. විශේෂයෙන්ම ලංකාවේ වියළි ප්‍රදේශවල සරුවට වැඩෙන මෙය මේ වන විට වාණිජ ශාකයක් බවට පත්වී ඇත .

ආහාර පිළියෙළ කරගැනීමටත්, රූ සපුව අලංකාර කරගැනීමටත්, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමටත් යොදා ගන්නා ඖෂධිය  ශාකයක් ලෙස කෝමාරිකා හදුන්වා දිය හැකිය. වර්තමානය වන විටත් විශාල වශයෙන් රූපලාවන්‍ය ආලේපන සැකසිමට කෝමාරිකා යොදා ගනු ලැබෙන අතර බොහෝමයක් ලෙඩ රෝග සඳහා ස්වාභාවික ප්‍රතිකාරයක් වශයෙන් ද කෝමාරිකා බහුලව භාවිත වේ.

කෙසේ වූවත් කෝමාරිකා වල අඩංගු ” ඇලෝසින් ” යනු ඉතා වටිනා ඖෂධීය ගුණයකින් යුත් සංයෝගයකි. ඇමයිනෝ අම්ල 22න් අම්ල 20ක්ම අන්තර්ගතයි. මෙහි ප්‍රධාන ලෙස ස්ථර තුනක් ඇත. මෙහි ඇතුල් ස්ථරයේ 99%ක්ම ඇත්තේ ජලයයි. ඉතිරි 1% තුළ ඇමයිනෝ අම්ල, ලිපිඩ, ග්ලුකොමොනාස්, ලිපිඩ, ග්ලුකොමොනාස්, ස්ටෙරෝල සහ විටමින් අන්තර්ගත වේ.

මෙම අන්තර්ගතයන් නිසාම කෝමාරිකා බොහෝ ලෙඩ රෝගවලට, රූපලාවණ්‍ය සදහා වැඩි වශයෙන් භාවිතයට ගන්නවා.

කෝමාරිකා ශාකයේ ඖෂධීය ගුණ භාවිතය,

අක්මාව ආශ්‍රිත රෝග සදහා මෙන්ම අම්ල පිත්ත රෝගය හෙවත් ගෑස්ට්‍රයිටිස් සමනය සදහා කෝමාරිකා ඉතා ගුණදායක ඖෂධයකි. පර්යේෂණවලින් හෙලිවී ඇති ආකාරයට කෝමාරිකා ජෙලි ආහාරයට ගැනීම මගින් අම්ල පිත්ත රෝගය සමනය කරගැනීමට උපකාරී වේ. ඒ තුළින් ආමාශයේ ඇති තුවාල සුවකර ගත හැකි වේ. පෙනහළු සදහා ඉතා ගුණදායක ඖෂධයක් වන මෙමගින් සිරුරේ ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරගත හැකිය. ශරීරයේ සෛල ශක්තිමත් කරගැනීම වගේම කල්පවතින කැස්ස සුව කර ගැනීමටද දිව ඔසුවකි.

කෝමාරිකාවේ ඇති රූපලාවන්‍ය සත්කාර,

හිරුඑළියෙන් පිලිස්සුණු සමට

කෝමාරිකා තුළින් හිරු එළියෙන් පිළිස්සුණු සමට ප්‍රතිකාර සිදු කළ හැකියි. කෝමාරිකා යුෂ සම මත ගැල්වීම තුළින් හිරු එළියෙන් ආරක්ෂා වීමට වැස්මක් ලෙස භාවිතා කළ හැකියි. කෝමාරිකා යුෂ වලින් සම තුළට විකිරණ ඇතුල් වීම වළක්වා, එමගින් සමට ආරක්ෂක පටලයක් ලෙස ක්‍රියාකරයි.

සමේ තෙතමනය පවත්වා ගැනීමට

කෝමාරිකා ප්‍රසිද්ධ වන්නේ සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට උපකාර කරන නිසා යි. සමේ වියළිබව තුරන් කරමින් සමට අවශ්‍ය තෙතමනය රැක ගැනීමට කෝමාරිකා යුෂ වැදගත් වේ.

අසාදන, සිරීම් හා කැළැල් සඳහා ප්‍රතිකාරයක්,

කෝමාරිකා වල ඇති සිසිලස හේතුවෙන් සමේ ඇති වන අසාදන: දැවිල්ල, බිබිලි  හා කැසිලි වැනි දේවල් සඳහා ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවා. එමෙන්ම කෝමාරිකා වලට ආවරණ පටල නැතිනම් EPITHELIUM වේගයෙන් වර්ධනය කිරීමේ හැකියාවක් පවතී. එම නිසා එහි  ඇති හැකියාව  නිසා සම මතුපිට ඇතිවන සීරීම් ඉක්මනින් සුවකර දීමට හැකියි. එමෙන්ම කැළැල් ද නැති කිරීමේ හැකියාවක් පවතී.

හිස්හොරිවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි,

කෝමාරිකාවලට හිස්හොරි නැති කිරීමේ හැකියාවක්ද පවතී ඒ ෂැම්පූ ලෙස භාවිතා කිරීම මගිනුුුයි. ඒ වගේම එහි අන්තර්ගතවන විටමින් E මගින් හිස්කබලේ Ph අගය හොදින් පවත්වා ගැනීමට උපකාරී වෙනවා. හිසකෙස්වලට අවශ්‍ය තෙතමනය පවත්වා ගනිමින් නීරෝගීව හිසකෙස් වර්ධනය කරගැනීමට උපකාරී වේ.

සමේ වියපත් වීම අවම කිරීමට,

කෝමාරිකා වල අඩංගු ඇන්ටි – ඔක්සිඩන්ට් , විටමින් C හා E නිසා සමේ පැහැය වර්ධනය වීම හා සම වියපත් වීමද අවම කරයි.


News Articles
Latest Videos
Most Popular Post