News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
20

අමල්- ශිරෝෂිගේ දියණිය උපන්දිනය වෙනුවෙන් කළ Photoshoot එක

1235 Views


අමල්- ශිරෝෂිගේ දියණිය උපන්දිනය වෙනුවෙන් කළ Photoshoot එක

ශිරෝෂි රොමේෂිකා කියන්නේ පුංචි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගේ සහ ප්‍රවීණ ගායන ශිල්පී අමල් පෙරේරාගේ කැදැල්ලට එක් වුණු ආදරණීය දියණිය මෙරීසා අමාෂි පෙරේරා.

අද ඇය ඇගේ 6 වැනි උපන්දිනය සමරනවා.

උපන්දිනය වෙනුවෙන් පුංචි දෝණිගේ ලස්සන ඡායාරූගත කිරීමක් කරන්න ශිරෝෂි අමතක කළේ නෑ. එම ඡායාරූප සමග ආදරණීය සටහනක් ශිරෝෂි දියණිය වෙනුවෙන් එක් කර තිබුණා.

සටහන හා ඡායාරූප පහතින් බලන්න,

“මේ ලෝකය පවතින
ශක්තිමත්ම බැඳීම…
මට ඔබ ඉන්නවා
මගේ පණ එක්ක දුව….
මගේ උණුසුමේ සිටී රෝස මල අද උපන්දිනය සමරනවා…
හදවතේ සුන්දරම තැනින් වසන්තය පන පොවයි…
මගේ ජීවිතයට වසන්තය රැගෙන ආ දියණිය ඔබයි මගේ ජීවිතය…
මගේ පුංචි පෙම්වතියගේ ජීවිතය වෙනුවෙන් සියලු සතුට මම ගෙන එනවා…
“අම්මා” මට දුන් නිසා
පින් මගේ දුවට..
අද අම්මා
සතුටින් ඉන්නවා
මගේ මැණික නිසා…
ඔබගේ සෑම දෙයක් සඳහාම
අම්මා ඔයාගේ පිටුපස රැඳී ඉන්නවා…
සෑම දිනම…
මගේ රෝස මල
ජීවිතේ දිනන්න…
හොඳ දරුවෙක් වෙන්න මගේ දුවේ..
මගේ දුවට සුබම සුබ උපන්දිනයක්…
ඔබට ජේසු පිහිටයි….”


News Articles
Latest Videos
Most Popular Post