News Line| Off Air| Games
Generic placeholder image

Jul
24

Hogwarts Express ධාවනයෙන් ඉවතට

349 Views


Hogwarts Express ධාවනයෙන් ඉවතට

ලෝකයේ ලොකු කුඩා සියළුදෙනාගේ ආදරය දිනාගත් ප්‍රකට ඉංග්‍රීසි කතා මාලාවක් වන හැරී පොටර් කතා මාලාවේ හමුවන “හොග්වර්ට්ස් දුම්රිය “ සේවාවෙන් ඉවත්කර තිබෙනවා.

ජේ.කේ. රෝලිං නම් විශිෂ්ඨ බ්‍රිතාන්‍ය ලේඛිකාවගේ මායා ලොවේ ලන්ඩන් නුවර කින්ග්’ස් ක්‍රොස් දුම්රිය ස්ථානයෙන් “හොග්වර්ට්ස් එක්ස්ප්‍රස් “ ( Hogwarts Express ) ආරම්භ කරයි. දුම්රිය හැරී පොටර් චිත්‍රපටයේදී මුලින්ම 9 3/4 වේදිකාවෙන් ගමන් ආරම්භ කරන මෙම වාශ්ප දුම්රිය චාරිකාව සැබෑ ලොව තුළද එංගලන්තයේ ලන්ඩන් නුවරින් ගමන් ආරම්භ කර ස්කොට්ලන්තය හරහා හොග්වර්ට්ස් වෙත ළඟා වේ.

දුම්රිය අබලන් වීම නිසා මගීන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම තීරණය ගත් බව එරට දුම්රිය අධිකාරිය BBC වෙත පවසා තිබේ. දුම්රියේ දොර අගුළු සහ ජනේල දිරාපත් වීම නිසා මගීන් දුම්රියේ ගමන් කිරීමේදී අනතුරට පත්වීමට ඉඩ ඇති බවත් ඔවුන් හඳුනාගෙන ඇත. එම දෝෂ නිවැරදි කර අලුත්වැඩියාවෙන් පසු යළි සේවයට එක් කිරීමට බලාපොරොත්තු වන බවද එංගලන්තයේ වෙස්ට් කොස්ට් දුම්රිය සේවය පවසයි.

සිත්ගන්නාසුලු මෙම වාෂ්ප දුම්රිය චාරිකාවේ යෑමට ලෝකයේ විවිධ රටවලින් දහස් ගණන් හැරී පොටර් රසිකයින් ලන්ඩන් වෙත පැමිණේ. හොග්වර්ට්ස් දුම්රිය යළි සේවයේ පිහිටුවන තුරු ලොව පුරා සංචාරකයින් මග බලා සිටියි.

සචිත්‍රා පෙරේරා – මව්බිම


News Articles
Latest Videos
Most Popular Post