News Line| Off Air| Games
Generic placeholder image

Aug
5

තරුණ බවේ ස්වාභාවිකව රහස

435 Views


තරුණ බවේ ස්වාභාවිකව රහස

අලිගැටපේර කියන්නේ ස්වාභාවික භාවිතා කළ හැකි රූපලාවන්‍ය සත්කාරයක් කිව්වොත් නිවැරදියි. මෙහි විටමින් A,B,C,E,K, යකඩ, කැල්සියම්,පොස්පරස්, සින්ක් නම් පෝෂක කොටස් හා ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වෙනවා.

ඒ වගේම ආහාර රුචිය වඩවන ‌අලිගැටපේර සිරුරේ විස නැසීමට උපකාරී වන පළතුරක්. ඇස් වලට හිතකර සංයෝග නිසා අක්ෂි රෝග වළක්වා දෑස් නීරෝගීමත්ව හා දීප්තිමත්ව තබනවා.

ඒ වගේම සම නීරෝගී හා දීප්තිමත් කිරීමට මෙන්ම සම රැලි වැටීම වළකා තරුණ පෙනුම රැකගැනීමට මෙය උපකාරී වෙනවා. ඒ වගේම මෙහි අඩංගු ප්‍රතිශක්තිකරන ගුණය නිසාම බැක්ටීරියා නාශකයක්ද වෙනවා. අධි රුධිර පීඩනය පාලනය කිරීම, දියවැඩියාව, පිළිකා වගේම අතීසාරය වැනි ලෙඩ රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක්ද පවතිනවා.

අලිගැටපේරවලින් සිදුකරන රූපලාවන්‍ය සත්කාර

සාමාන්‍ය සමට – අලිගැටපේර මදය කහ සහ ලෙමන් සමග මිශ්‍ර කර ආලේප කරන්න.

වියළි සමට – අලිගැටපේර මී පැණි සමග මිශ්‍ර කර ආලේප කරන්න

තෙල් සහිත සමට – අලිගැටපේර ආමන්ඩ් තෙල් හා ලෙමන් මිශ්‍ර කර ආලේප කරන්න

අලිගැටපේරවලින් මුහුණට සත්කාර

අලිගැටපේර හා කෝමාරිකා සත්කාරය

  • අලිගැටපේර හා කෝමාරිකා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න
  • එම මිශ්‍රණයට ලෙමන් යුෂ, ජලය මිශ්‍ර කරන්න. සාදාගත් මිශ්‍රණය අයිස් ට්‍රේ එකකට දමා අයිස් කැ‌‌‌ට සාදාගන්න.
  • දිනපතා නින්දට යාමට පෙර අයිස් භාවිතා කර මුහුණ සම්බාහනය කරගන්න
  • විනාඩි විස්සක් පමණ තබා සෝදා හරින්න

අලිගැටපේර හා කෙසෙල් සත්කාරය

  • අලිගැටපේර, කෙසෙල් හා මී පැණි හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න.
  • විනාඩි විස්සක් පමණ තබා සෝදා හරින්න.

අලිගැටපේර සහ යෝගට් සත්කාරය

  • අලිගැටපේර, ප්ලේන් යෝගට්, ලෙමන් යුෂ හා රෝස වතුර ‌යන මේ සියල්ල හොඳින් මිශ්‍ර කර මිශ්‍රණයක් සදා ගන්න.
  • මුහුණ හොඳින් පිරිසිදු කර මිශ්‍රණය ආලේප කරගන්න
  • විනාඩි විස්සක් තබා සෝදාහරින්න.

ඇස් වටා කළු පැහැ වීම නැති කිරීමට

  • අලිගැටපේර මදයට එළකිරි හෝ යෝගට් එකතු කර ඇස් වටා ආලේප කර විනාඩි විස්සකට පසු සෝදා හරින්න.
  • සතියකට දින හතරක්වත් මෙම සත්කාරය සිදු කළ යුතුය.

අලිගැටපේරවලින් ‌හිස කෙස් සඳහා සත්කාර

අලිගැටපේරවලින් හෙයා මාස්ක් එකක්

  • අලිගැටපේර බාගයක්
  • බිත්තරයක්
  • ඔලිව් තෙල් මේස හන්දක්
  • මී පැණි මේස හැන්දක්
  • මේ සියල්ල තලපයක් ලෙස සකසා ගන්න
  • හොඳින් තෙමා ගත් හිසකෙස් අග සිට මෘදුව ආලේප කරන්න
  • හිස් කබලේ තවරා ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න
  • කොන්ඩය ෂවර් කැප් එකකින් වසා විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර සෝදා ෂැම්පෝ, කන්ඩිෂනර් කරගන්න


News Articles
Latest Videos
Most Popular Post